2024 වසරේ ලොව සංචාරය කිරීම සඳහා වඩාත් ආරක්ෂිත රටවල් අතර පළමු ස්ථානයට කැනඩාව පත්ව තිබෙනවා.

ඇමරිකානු සංචාරක රක්ෂණ සමාගමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර එහි දෙවන සහ තුන්වන ස්ථානවලට ස්විස්ටර්ලන්තය සහ නොර්වේ පත්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත් කැනඩාව වඩාත් ආරක්ෂිත රට වුවද මේ දිනවල කැනඩාවේ ඇතැම් කැළෑ බද ප්‍රදේශවල හටගෙන ඇති ලැව් ගිනි ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් සඳහා නුසුදුසු බවයි අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම සන්නද්ධ ආයුධ ක්‍රියා සහ ජන ඝණත්වය යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

එහි පළමු ස්ථාන 15 අතරට ඔස්ට්‍රේලියාව, බි්‍රතාන්‍ය, නෙදර්ලන්තය ජාපානය, ප්‍රංශය සහ බ්‍රසීලයද ඇතුලත්.

source :- https://tinyurl.com/mr53h9p2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here