අප්‍රිකානු කලාපීය රාජ්‍යයක් වන ජිබුටි රාජ්‍යයට ඔබ්බෙන් වූ රතු මුහුදේ සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළී සිදුවූ අනතුරකින් 45 දෙනෙකු මියගොස් 61 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යාත්‍රා පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් සමඟ යේමනයේ සිට පිටත්ව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

115 දෙනෙකු මෙහිදී මුදාගත් බව වෙරළාරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

අප්‍රිකානු සංක්‍රමණිකයන් නිරන්තරයෙන් රතු මුහුද හරහා මෙලෙස ගල්ෆ් කලාපය දෙසට යාත්‍රා කිරීම දක්නට ලැබෙන අතර ජුනි මාසයේදීද සෝමාලියාවේ සිට පැමිණි බෝට්ටුවක් පෙරළී 56 දෙනෙකු මියගොස් 140 දෙනෙකු අතුරුදන් වුණා.

source :- https://tinyurl.com/t5avnv5a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here