ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් 51% විකුණා දැමීමට පසුගිය රජය කළ සැලසුම් නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දැමීමට පසුගිය රජය සැලසුම් කර තිබූණා.

ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ශනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවති ඩොලර් මිලියන 510 ණය රජයට පවරා ගැනීමටයි පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය කාර්යක්ෂම කළ හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි වත්මන් රජය තීරණය කර ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබා දී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ඊයේ ප්‍රථමවරට රැස්වූ අමාත මණ්ඩලයේදීයි.

source :- https://tinyurl.com/bder56w3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here