ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති වෙත පිළිගැන්වුවා.

ජනාධිපතිවරයාහේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් විසින් සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.

source :- https://tinyurl.com/2peujpv9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here