හංවැල්ල – නෙලුවත්තුඩුව ප්‍රදේශයේදී බස් හිමිකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් ඉල්ලූ කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි.

එලෙස කප්පම් මුදල් ඉල්ලූ පුද්ගලයෙකු එම බස් හිමිකරුගේ ගෝලයෙකු වශයෙන් කටයුතු කළ තැනැත්තෙකු බවට හෙළිවී තිබෙනවා.

ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මීට පෙරද මෙම බස් හිමිකරුට කිසියම් කණ්ඩායමක් විසින් වෙඩි තැබීමට උත්සාහ දරා තිබුණා.

55 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවසේ රැදී සිටියදී තාප්පයෙන් පැන පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ඒ සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

source :- https://tinyurl.com/34r3dhaz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here