පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් ප්‍රකශ කළා.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ පෙරවරුවේ විරෝධතාවල නිරත වුණා.

පසුව ඔවුන් පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලද රැදී සිටිමින් විරෝධතාවල නිරත වූ අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුණා.

කෙසේවෙතත් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විද්වත් කමිටුව ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශිෂ්‍යත්ව ගැටලුව විසදීමට නව කාලසටහනකට අනුව විභාගය නැවත පැවත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

source :- https://tinyurl.com/3awhcnms

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here