එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/3svz98ch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here