
තායිලන්තයේ බැංකොක් නුවර ආසන්නයේදි පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
එම බස් රථයේ ගුරුවරුන් 06 දෙනෙකු ඇතුළුව 44 දෙනෙකු ගමන් කර ඇති අතර, ගින්නෙන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී සිසුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා සඳහන් කළේ.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත්, ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවත්, මාධ්‍ය වාර්තා කරනවා.
මෙම බස් රථය පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු පැමිණෙමින් සිටි ළමුන් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් බවටයි වාර්තා සඳහන් කරන්නේ.
source :- https://tinyurl.com/2fjw6zuv








