
වසර 80,000 කට වඩා වැඩි කාලයක් නොපෙනී ගිය වල්ගා තරුවක් පෘථිවියට දර්ශනයවන බව නාසා ආයතනය පවසනවා.
මෙම වල්ගා තරුව Tsuchinshan-ATLAS හෙවත් Comet A3 ලෙසින්ද හඳුන්වනු ලබන අතර, මෙම වල්ගාව වසර 80,000කට වැඩි කාලයක් සූර්යයා වටා කක්ෂයක් පවතින බව විශ්වාස කෙරෙන බවද සඳහන්.
මෙම වල්ගා තරුව සැප්තැම්බර් 27 වනදා මුලින්ම දර්ශනය වී ඇති අතර, එය ඔක්තෝබර් 15වනදා දක්වා දර්ශනයවන බවද පැවසේ.

ඔක්තෝම්බර් 15 වැනිදායින් පසු බටහිර අහස තුල හොඳින් දර්ශනය වෙන මෙම වල්ගා තරුව, නැවත දර්ශනය වීමට තවත් වසර 80,000ක් පමණ ගතවනු ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.
source :- https://tinyurl.com/4j7rzum2








