
සියලු තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මහ මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා මොවුන් කොමිසම හමුවට කැදවීමට තීරණය කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.
පසුගිය ජනාධිපතිවරණයේ අත්දැකීම් උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

source :- https://tinyurl.com/bujpeket








