හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා.

එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ තමන් නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ එක්වන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊයේ පස්වරුවේත් කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී තවත් සාකච්ඡාවක නිරත වුණා.

source :- https://tinyurl.com/4m9pht38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here