එක්සත් ජනපදය හරහා හමා ගිය හෙලෙන් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුළි කුණාටුව සැලකිය යුතු ලෙස දුර්වල වී ඇතත්, අධික සුළං, ගංවතුර සහ ටොනේඩෝ තර්ජනය දිගටම පවතිනු ඇති බවට අනතුරු අඟවයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පාරවල් සහ නිවාස ජලයෙන් යට වී ඇති අතර, මිලියන ගණනක ජනතාවගේ නිවාසවල විදුලිය විසන්ධි වී ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

රක්‍ෂණකරුවන් සහ මූල්‍ය ආයතන පවසන්නේ මෙම කුණාටුවෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවයි.

මෙය ගොඩබිමට පැමිණීමෙන් පසු පැය හයක් සුළි කුණාටුවක් ලෙස පැවතුනු බව ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය (FEMA) සඳහන් කරනවා.

ඇතැම් ප්‍රදේශවලට අඟල් 20 (සෙන්ටිමීටර 50) දක්වා වර්ෂාපතනයක් මේ වනවිට ද පවතියි.

source :- https://tinyurl.com/3zunndhk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here