අසාමාන්‍ය හැඩයක් සහිත පාෂාණයක් අඟහරු මතුපිටින් හමුව තිබෙනවා.

මේ සමඟ නාසා විද්‍යාඥයින් තරමක් කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සීබ්‍රාවකුගේ මෙන් කලු සහ සුදු පැහැයෙන් යුත් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් නොදුටු බව පැවසෙනවා.

එබැවින් මෙය ඔවුන්ගේ කුතුහලයට හේතුවක් බවයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරන්නේ.

මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටිනවා.

එමෙන්ම එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇති බව සඳහන්.

විද්‍යාඥ‍යින්ට අනූව මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙන් බවයි පැවසෙන්නේ.

මෙම නව පාෂාණය බැලූ බැල්මට යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/5n7xcfjs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here