වසර දෙකකට පසු, සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙනවා.

එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන අතර, මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙසයි මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම් ධර්මදාස කියා සිටියේ.

ජලාශයේ ගේට්ටු අනිද්දා පස්වරු හයට වසා දැමෙන අතර, නඩත්තු කටයුතු නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්ගයද වසා තැබෙන බව ඔහු සඳහන් කළා.

මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට හෙට අලුයම එකේ සිට ලබන 30 වනදා පස්වරු හය දක්වා පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහනුවර මහනගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන, වළල සහ මාවතගම යන ප්‍රදේශවලටයි.

source :- https://tinyurl.com/zhpwabsn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here