
වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොල් හිගවීම මිල ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් ප්‍රකාශ කළේ.
පොල්තෙල් ලීටරයක මිලද රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දිනයේ කිලෝ ලක්ෂ පනහකට අධික එළවළු තොගයක් ලැබී ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත්, එළවලු ප්‍රමාණය ඉහළ ගියද මිළ පහළ යාමක් සිදුව නොමැති බවයි ආර්ථික මධ්‍යස්ථානයට එළවලු මිලදී ගැනීම සදහා පැමිණි පිරිස් ප්‍රකාශ කළේ.
මේ අතර, බිත්තර මිල පහළ ගියද එහි වාසිය නිසි ලෙස මේ දක්වා පාරිභෝගිකයින්ට ලැබී නැහැ.
පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ බේකරි හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුලු බේකරී සහ හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ, වෙළදපළේ බිත්තර මිල අඩු වීමට සාපේක්ෂව එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරී හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධනගෙන් විමසීමක් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මිල අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි.
source :- https://tinyurl.com/958a8k6a








