බිත්තර මිල පහළ යාම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස, සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය, බේකරි නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මෙම ඉල්ලිම සිදු කරනු ලැබුවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

වෙළදපළේ බිත්තර මිල අඩු වීමට සාපේක්ෂව එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ බේකරි හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුලු බේකරී සහ හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

source :- https://tinyurl.com/ytmppsu6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here