ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබෙනවා.

ඒ විශේෂ සටහනක් ප්‍රංශ ජනපතිවරයා විසින් සිය නිල මුහුණු පොතේ තබමින්.

මේ සුබපැතුමේ විශේෂත්වය වන්නේ ප්‍රංශ ජනපතිවරයාගේ එම සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි

“ශ්‍රී ලංකිකාවියනි, ශ්‍රී ලංකිකයිනි,
හිතවත් මිත්‍රයනි,
ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි.
අනුර දිසානායක මහතා, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුභ පැතුම්!
ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්ය.

source :- https://tinyurl.com/nhz9c4sp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here