
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
2024 ජනාධිපතිවරණ සඳහා අගෝස්තු 14 දිනට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර සිටියා.
එයින් 39 දෙනෙකු පමණක් මැතිවරණ වෙනුවෙන් නාම යෝජනා භාර දුන්නා. එහිදී එක් අහිදුරුස් මුහම්මද් ඉල්යාස් ජනාධිපති අපේක්ෂකයා හදිසියේ අභාවප්‍රාප්ත විම හේතුවෙන් ජනපති සටනට ඉදිරිපත් වුයේ 38 දෙනෙකු පමණයි.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු.50,000ක ද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු.75,000ක් තැන් ඇප මුදලක් තැන්පත් කෙරුණා.
කෙසේ වෙතත් ඉදිරියේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හැර සෙසු ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාට ඇප මුදල් අහිමි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියා.
එම ඇප මුදල් අහිමි වු ජනාධිපති අපේක්ෂකයින් වන්නේ සරත් මනමේන්ද්‍ර, අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්, ඒ. එස්. පී. ලියනගේ, පානි විජේසිරිවර්ධන, ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ, අජන්ත ද සොයිසා, බත්තරමුල්ලේ සීරලතන හිමි, සරත් ෆොන්සේකා , නුවන් සංජීව බෝපගේ, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්, ජනක ප්‍රියන්ත කුමාර රත්නායක, කේ.කේ. පියදාස, මයිලවාගනම් තිලකරාජා, සිරිපාල අමරසිංහ, පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්, සරත් කීර්තිරත්න, කේ. ආනන්ද කුලරත්න, නාමල් රාජපක්ෂ, අක්මීමන දයාරතන හිමි, කේ.ආර්. කිෂාන්, පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ, විජයදාස රාජපක්ෂ, අනුර සිඩ්නි ජයරත්න, සිරිතුංග ජයසූරිය, මහින්ද දේවගේ, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඇන්ටනි වික්ටර් පෙරේරා, කීර්ති වික්‍රමරත්න, දිලිත් සුසන්ත ජයවීර, මරක්කලමානගේ ප්‍රේමසිරි, ලලිත් ද සිල්වා, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, ඩී.එම්. බණ්ඩාරනායක, අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා සහ අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් යන අය වනවා.
source :- https://tinyurl.com/7sx48bsc








