ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට සිය ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹ බලා ඒමට බස් රථ ප්‍රමාණවත් නැති බවට මගීන් චෝදනා කරනවා.

හැටන් ඇතුලු‍ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම බස්නැවතුම්පළවල මගීන් දිගු පෝලීම්වල රැදි සිටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංසගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කළේ ඡන්දය භාවිත කිරීමට සේවකයින් ගම්බිම්බලා යාම හේතුවෙන් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් අද පස්වරුව වන විට තවත් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පෞද්ගලික බස් රථ අද සීමිත වුවත් හෙට සිට සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

source :- https://tinyurl.com/yecdnwu7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here