
දෙවන කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 4.7 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ සඳහා සියලුම ප්‍රධාන ආර්ථික කටයුතුවල වර්ධනයන් හේතුවී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
ඒ අනුව කෘෂිකර්මාන්තය සියයට 1.7කින්, කර්මාන්ත අංශය සියයට 10.9කින් සහ සේවා කටයුතු සියයට 2.5කින් වර්ධනය වී තිබෙනවා.

තවද භාණ්ඩ හා සේවා මත වන සහනාධාර අඩු කළ පසු බදු සියයට 2.8 කින් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදී තේ නිෂ්පාදනයේ පහළ යෑමක් වාර්තාවී තිබෙනවා.
මාර්තු සහ අප්‍රේල් මාසවල පැවති අහිතකර වියලි කාලගුණ තත්ත්වය මීට හේතුවී ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මැයි මාසයේ සිට කාලගුණික තත්ත්වය අයහපත් වීමෙන් පසු තේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම දෙවන කාර්තුවේදී රබර් නිෂ්පාදනය අඩුවී ඇති අතර, ඊට අධික වර්ෂාව බලපා තිබෙනවා.
එම තත්වයද ජූලි මාසයේ සිට යථාවත් වෙමින් පවතින බවයි මහ බැංකුව නිවේදනය කළේ.
එහෙත් ගතවූ මාස හත තුළදී පොල් නිෂ්පාදනයේ වර්ධනයක් දක්නට ලැබෙනවා.
source :- https://tinyurl.com/3rv6rbef







