
යුරේනියම් ආනයනය කිරීම සහ තමන්ගේම නිෂ්පාදනය අපනයනය කිරීම මගින් චීනය රුසියාවේ න්‍යෂ්ටික කර්මාන්තයට සහය දක්වන්නේ දැයි අමෙරිකානු රජය විමර්ශනය කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසනවා.
යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට අරමුදල් සැපයීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඇති හැකියාව කඩාකප්පල් කිරීමේ අමෙරිකානු රජයේ ප්රයත්නයේ කොටසක් ලෙස අමෙරිකානු මන්ත්‍රීවරුන් ඉකුත් දෙසැම්බර් මාසයේදී රුසියාවෙන් යුරේනියම් ආනයන තහනම සම්මත කළා.
එහෙත් මේ වනවිට සැක මතුව ඇත්තේ රුසියාව චීනය හරහා අමෙරිකාවට යුරේනියම් සපයන්නේ ද යන්න සම්බන්ධවයි.

අමෙරිකානු ජාත්‍යන්තර වෙළඳ කොමිසමේ දත්තවලට අනුව එම මාසයේදී චීනයේ සිට අමෙරිකාවට යුරේනියම් නැව්ගත කිරීම කිලෝග්‍රෑම් 242,990 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය වඩාත් අවධානයට යොමුව ඇත්තේ 2020 සිට 2022 දක්වා චීනය අමෙරිකාවට සැලකිය යුතු අයුරින් යුරේනියම් අපනයනය කර නොමැති නිසා බව වාර්තා වනවා.
source :- https://tinyurl.com/ak2awfe8








