ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4 ට පෙර සිදු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසුරිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ අනුරාධපුරයේ මේ වන විට ඉතා සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කරන බවයි.

පෙරවරු 7 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 636 ම ආරම්භ කර බව ඔහු කියා සිටියා.

එමෙන්ම කිසිදු ගැටළුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිදු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසුරිය වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/bdcrjcst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here