
මැතිවරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් තිබෙනවා.
පොලොන්නරුව, පුලස්තිපුර, විජීත ප්‍රථමික විදුහලේ පිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
අද (21) දහවල් හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පොලිස් නිලධාරියා පුලස්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක්.
ඔහු එම පොලිස් බල ප්‍රදේශයේම පදිංචි (49) හැවිරිදි විවාකයෙකු බවයි පැවසෙන්නේ.
මෙම නිලධාරියා ඊයේ සවස සිට මැතිවරණ රාජකාරිවල නිරතව සිටි බවයි පුලස්තිපුර පොලිස් ස්ථානාධිපතිවරයා හිරු නිවුස් වෙත පැවසුවේ.
අද දහවල් කාලයේදී ක්ලාන්ත ගතියෙන් ඇදවැටෙන්නට ගිය ඔහු අසල සිටි පිරිස විසින් රෝහල් ගතකර තිබෙනවා.
මේ වන විට ඔහුගේ සිරුර පොලොන්නරුව මහරෝහලේ තැන්පත්කර තිබෙන අතර මරණයට හේතුව හෘද රෝගී තත්ත්වයක් බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කළේ.
source :- https://tinyurl.com/39btb4z5








