
ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කර තිබෙන බව හම්බන්තොට තේරීම්භාර නිලධාරී එච්.පී සුමනසේකර සඳහන් කරනවා.
මෙලෙස මැතිවරණ රාජකාරියෙන් ඉවත් කළ රාජ්‍ය නිලධාරීන්වනුයේ විදුහල්පතිවරු 7ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්.
තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 19 දෙනකු සිය තනතුර අභිභවා යමින් දේශපාලන කටයුතුවල නිරත වූ බවට සඳහන් කරමින් පැමිණිලි 17ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ ස්ථානය වෙත පසුගියදා (18) වන විට වාර්තා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, 2024 ජානධිපති මැතිවරණ රාජකාරියේ යොදවා සිටි රාජ්‍ය නිලධාරීන් 09 දෙනකු එම රාජකාරියෙන් මෙසේ ඉවත් කිරීමට පියවර ගත් බවත්, පැමිණිලි ලැබී ඇති අනෙක් රාජ්‍ය නිලධාරීන් 10 දෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, තේරීම් භාර නිලධාරිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙම දස දෙනා අතර, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරයකු, ගුරුවරුන් සහ සමෘද්ධි කළමනාකරුවකු ඇතුළත් බව වැඩිදුරටත් සඳහන්.
source :- https://tinyurl.com/52m5jbfh








