ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් එළැඹෙන 21 සහ 22 දෙදින දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (3 stars) ට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රයලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් අදාළ නොවන බව සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කල නියෝගයේ සඳහන් කර තිබෙනවා.

මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙ‍ෙහයුම් මැදිරි හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය ඔස්සේ දවසේ පැය 24 පුරාවටම මහජනතාව වෙත විවෘතව තබා ඇති බව සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි නිකුත් කල නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

source :- https://tinyurl.com/yrrdcyjr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here