
මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව කොළඹ වාණිජ අධිකරණයේ පවතින නඩුව ඊයේ (19) කැඳ වු අවස්ථාවේදී එය ලබන ඔක්තෝම්බර් 21 වනදාට කල් දමා ඇති බව තිබෙනවා.
එම නඩුව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග දෙවරක්ම නොසලකා හැරීම හේතුවෙන් අධිකරණය අපහාස කිරීමේ චෝදනාව මත DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයාට එරෙහිව සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ, 2024 මාර්තු මාසයේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ප්රමුඛ කොළඹ වාණිජ මහාධිකරණය සජිත් රාජපක්ෂ සේවයෙන් පහ කිරීමට එරෙහිව කළ ගොනු කල පෙත්සමක් විභාගයට ගැනීමෙන්.

එම පෙත්සම සම්බන්දයෙන් පලමුව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයාට, අධිකරණය විසින් පසුගිය අප්‍රේල් 30 වනදා දන්වා තිබෙන්නේ සජිත් රාජපක්ෂව යළි සේවයේ පිහිටුවන ලෙස නියෝග කර තිබෙනවා.
එහිදී සජිත් රාජපක්ෂ යළි සේවයේ පිහිටුවීමට DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලය කටයුතු නොකිරීම හේතුවෙන් සජිත් රාජපක්ෂ විසින් යළි අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දින DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයාට එරෙහිව සිතාසි නිකුත් කර තිබෙනවා.
මෙම නඩුවේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් ලිඛිත දේශන හා අදාළ නඩුවකදී වගඋත්තරකරුවන්ගේ විරෝධතා ද ඔක්තෝබර් 21 වැනිදාට ඉදිරිපත් කිරීමට නියමිතය.
source :- https://tinyurl.com/3czbbh75







