
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු මුලතිව් කයිවේලී පාසලේ විදුලි පංකා ගලවා ගෙන ගොස් විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබියදී පුදුකුඩීඉරිප්පු පොලිසිය එම සැකකරු හා විදුලි පංකා මිලට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් පාසලේ ගොඩනැගිලි තුනක තිබූ විදුලි පංකා 12ක් ගලවා ගෙන ගොස් වරින් වර ඒවා අලෙවි කර මුදල් ලබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පැවසේ.
විදුලි පංකා හතරක් මිලට ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රධාන සැකකරු හා විදුලි පංකා මිලට ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/4c827266







