පිළියන්දල – ජාලියගොඩ විකල්ප මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී දෙදෙනෙකු පලාගොස් ඇති අතර, යතුරුපැදි 12ක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා යතුරුපැදි මෙන්ම ත්‍රිරෝද රථ තරගයට ධාවනය කෙරෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට නිරන්තරයෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව සඳහන්.

ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී තරගයට යතුරුපැදි ධාවනය කර ඇත්තේ මුදල් ඔට්ටුවට බවට හෙළි වී තිබෙනවා.

source :- https://tinyurl.com/yups7n26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here