එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීමෙන් පසුවද මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිසිවිටෙකත් නතර නොකරන බවය. තමාව නැවතිමට කිසිවෙකුටත් නොහැකි බව ඔහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/ms5wm3zf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here