
ආසියානු කලාපීය රටවල් තුළ වර්ධනයවන දේශපාලන අස්ථාවරත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින 4ක සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දියාව සූදානම් වනවා.
හෙට සිට ආරම්භ කෙරෙන එම සාකච්ඡාව නවදිල්ලි නුවර පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
බංග්ලාදේශයේ නව අන්තර්වාර පාලනය, වර්ධනයවන චීන ක්‍රියාකාරකම් සහ පාකිස්ථාන මිලිටරි සහයෝගීත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් සහ නිලධාරීන් සහභාගිවීමට නියමිත බව සඳහන්.
source :- https://tinyurl.com/8k9jmzcx








