සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 කු යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පැවසීය.

වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් තරඟයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලිසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බවයි  පොලිසිය සදහන් කරනුයේ.

source :- https://tinyurl.com/4y2vd6ve

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here