ඉකුත් අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල් කර ගනිමින්.

මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත් වීම සඳහා දුනිත් හා තරග වැදි අනෙකුත් ප්‍රතිවාදීන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ජේඩන් සීල්ස් යන අයයි.

හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායකයා වූ වෙල්ලාලගේ ඉකුත් අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, ඔහුගේ දක්ෂතා 1997න් පසු ශ්‍රී ලංකාව පළමු වරට එක්දින තරගාවලියක දී ඉන්දියාව පරාජය කිරීමට මූලික වශයෙන් හේතු වුණා.

source :- https://tinyurl.com/2nzbknha

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here