
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී සර්ජි ෂොයිගු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පියොංයැන්ග් නුවරදී හමුවී තිබෙන බව රුසියාවේ ජාතික ප්‍රවෘත්ති ආයතනය පවසනවා.
රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ෂොයිගු උතුරු කොරියානු අගනුවරට ගොස් ඇත්තේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා පත්කළ රුසියානු ප්‍රධානියා ලෙසය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජුනි මාසයේදී උතුරු කොරියාවේ සංචාරයක නිරතවූ අතර ආරක්ෂක ගිවිසුමකටද අත්සන් තබා තිබුණා.

යුක්රේනය සමග පවතින යුද්ධයේදී රුසියාවට ආයුධ හිඟයක් මතුව ඇති බැවින් උතුරු කොරියාවෙන් ආයුධ ලබාගැනීමේ සූදානමක් ඇති බවටද බටහිර රටවල් රුසියාවට චෝදනා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
source :- t.ly/9uU1n








