
වසරක් තුළ දකුණු ඇමරිකානු රටවල හටගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව මෙම වසරේ වාර්තාවී තිබෙනවා.
චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම වසරේදී රටවල් 13ක ස්ථාන තුන්ලක්ෂ 46,112කින් ලැව්ගිනි වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු ඇමරිකාව, බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සිට ලොව විශාලතම තෙත් බිම් හරහා බොලිවියාවේ වියළි වනාන්තර දක්වාම ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

බොහෝ ගිනි තැබීම් මිනිසුන් විසින් සිදු කර තිබූ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් මෑත කාලීන උණුසුම් හා වියලි තත්වයන් ලැව්ගිනි වේගයෙන් පැතිරීමට උපකාරී වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
මේ හේතුවෙන් වනාන්තර පමණක් නොව සතුන්ද මිලියන ගණනක් අහිමිවී ගොස් තිබෙනවා.
source :- https://tinyurl.com/46dpykck








