ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (12) සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 69යි ශත 16ක් ලෙසටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 27 ක් ලෙස දැක්වුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

source :- https://tinyurl.com/2ny7ye3n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here