පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධි ලෙස මෙරට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

මොහු ගුවන් මගින් මෙලෙස ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිවී ඇත.

පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදාගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදාගන්නා ඖෂධ ඇතුළු ඖෂධ රැසක් ඔහු සතුව තිබූ ඖෂධ අතරට අයත් බව පැවසෙයි.

source :- https://tinyurl.com/4h3jh8ak

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here