ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි ගුජයිනි ප්‍රදේශයේ මාර්ගයක තිබී කාන්තාවකගේ හිස රහිත නිරුවත් මළ සිරුරක් ඊයේ (11) සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ පෙරවරු 6.15ට පමණ මෙම මළ සිරුර මුලින්ම දැක ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය දූෂණය කර ඝාතනය කර සිරුර මහා මාර්ගයට විසිකර ඇති බවට නිලධාරීන් සැක කරන බව සඳහන්.

මෙම සිදුවීමට පැය විසිහතරකට වඩා ගතවී ඇතත්, පොලිසිය තවමත් අදාළ කාන්තාව හඳුනා ගැනීමට උත්සාහ කරන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මළ සිරුර සොයාගත් ස්ථානයේ සීසීටීවී කැමරා නොමැති බව පොලිසිය ප්‍රකාශ කර ඇතත්, කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි සීසීටීවී කැමරාවක කාන්තාවක් තනිව ගමන් කරන දර්ශන සටහන් වී තිබෙනවා.

මෙම කාන්තාව ඇඳ සිටින ඇඳුම් මහ පාරේ තිබී සොයාගත් රෙදි කැබලි හා සෙරෙප්පුවලට ගැළපෙන බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පැවසේ.

මරණයට හේතුව සොයා ගැනීම සඳහා මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර, කාන්තාවක් අතුරුදන් වූ බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් පොලිසි වෙත ලැබී නොමැති බවයි වාර්තා සඳහන් කරන්නේ.

පොලිසිය මේ වන විට සීසීටීවී දර්ශන සඳහා රූප රාමු භාවිත කරමින් ප්‍රදේශවාසීන්ගෙන් කාන්තාව පිළිබඳ තොරතුරක් තිබේ දැයි විමසීමට කටයුතු කරන බව සඳහන්.

පොලිසිය පැවසුවේ එය අනතුරක් හෝ අපරාධයක් ද යන්න සොයා බලන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද නැතිනම් වෙනත් ස්ථානයක සිට පැමිණි අයෙකුද යන්න තහවුරු කිරීමට උත්සාහ කරන බවයි.

source :- https://tinyurl.com/yybm77p2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here