ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදය අද (11)  දින ෆිලඩෙල්ෆියාහිදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විවාදයට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් සහභාගි වනවා.

මෙය එරට ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් ඔස්සේ සජිවීව විකාශය වීමට නියමිතයි.

මෙම විවාදයේදී ඉදිරි පාලන කාලයේදී ඔහුගේ දැක්ම සහ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

source :- t.ly/9nb2g

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here