ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය 13 වන දා සිටත් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කළේ ය.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා දෙස යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙන අතර එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් දෙක විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කිරීමට නියමිතයි.

මේ අතර 2024 ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 13 වනදා සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පසුගියදා පැවසී ය.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙම මස 13 සිට 24 දක්වා වසා දැමීමට තීරණය කර ඇත.

එමෙන්ම, සැප්තැම්බර් 19, 20 යන දෙදින බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ ඌව මහා විදුහල සඳහා නිවාඩු ලබා දීමට නියමිතයි.

ඒ අනුව, බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට ලබන 24 වන දිනත් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා සඳහන් කළා.

source :- t.ly/ZcbuE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here