ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන ශෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සියාඩ් අල් නහාන් (Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan) අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ ඔහුගේ ගේ ඉන්දීය සංචාරය අතරතුරදීයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන් අතර ඵලදායි හමුවක් පැවැත් වූ බවත්, පුළුල් පරාසයක මාතෘකා ආවරණය වන පරිදි එම සාකච්ඡාව සිදු වූ බවයි.

අගමැති මෝදිගේ ආරාධනයකට අනුව අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඊයේ(09) සහ අද(10) යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනවා.

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු මේ ආකාරයෙන් ඉන්දියාවට පැමිණි පළමු නිල සංචාරය මෙය වන අතර ඔහු ඊයේ නවදිල්ලි නුවරට පැමිණි අවස්ථාවේදී වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් විසින් පිළිගනු ලැබූ අතර, ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමා තිබෙනවා.

මේ අතර කුමරුගේ හමුව සම්බන්ධයෙන් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ “අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එච් එච් ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් පිළිගැනීම සතුටට කරුණක්. අපි පුළුල් පරාසයක ගැටලු සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පැවැත්වූවා.” “ශක්තිමත් ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිත්‍රත්වයක් සඳහා ඔහුගේ ආශාව පැහැදිලිව දැකගත හැකිය,” යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/55ujsa9b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here