ඉන්දියාවේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුර්කි ගුවන් තොටුපළකට හදිසි ගොඩබැසීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ මගීන් 234 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ මුම්බායි සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගමන් කළ විස්තාරා ගුවන් සේවයට අයත් VTI027 ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට කඩදාසි සටහනක් හමුවීමත් සමඟ බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම යානය නැගෙනහිර තුර්කියේ අර්සුරුම් ගුවන් තොටුපළට හදිසි ගොඩබැසීමක් සිදු කළ බවයි.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට යානයේ බෝම්බයක් ඇති බවට එහි වැසිකිළියක අලවා තිබූ කඩදාසි සටහනක් හමුවීමෙන් පසු ඉන්දියාවේ සහ තුර්කියේ ගුවන් බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසුව ගොඩබස්සවා යානයේ සිටි මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත් කිරීමට යානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව තුර්කියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ගෙන්වා යානය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, යානය තුල පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බවයි බෝම්බ නිෂ්ක්‍රීය අංශ දැනුම් දී ඇත්තේ.

දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුව විස්තාරා ගුවන් සමාගම වෙනත් ගුවන් යානයක් යොදා ගෙන තුර්කි ගුවන්තොටුපොළේ සිටි මගීන් නැවත ගමනාන්තය දක්වා රැගෙන ගොස් තිබෙන බවයි.

source :- https://tinyurl.com/3r647b66

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here