අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලෙස ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එම කාලය ඔහුගේ ධුර කාලයෙන් සියයට 40ක් බව සඳහන්.

රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව හෙළිවී ඇති අතර, ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු සංඛ්‍යාව අමෙරිකාවේ සාමාන්‍ය කාර්යාල සේවකයෙකු වසර 48කදී ලබාගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට කාර්යාල සේවකයෙකුට වසරක් තුළදී හිමිවන්නේ සාමාන්‍ය නිවාඩු දින 11ක් පමණයි.

81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න්ට ජනපතිවරණයට නැවත තරග නොකරන ලෙසට ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ප්‍රකාශ කිරීමත් සමග එම පිරිස මගහැරීම සඳහා පසුගිය ජූලි මාසයේ සිට වැඩි නිවාඩු ප්‍රමාණයක් ලබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

source :- https://shorturl.at/rxjNL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here