පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබෙනවා.

එහිදී අප වාර්තාකරු සඳහන් කළේ වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති බවත්, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගිය ඉන්දීය ජාතිකයා ඇතුළු පුද්ගලයයින් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

source :- https://shorturl.at/cwJ7F

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here