මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (06) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර පහක් (05) නීරීක්‍ෂණය කර පරික්‍ෂා කිරීමේදී,මෙම කේරල ගංජා තොගය හමුව ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස මුහුදේ අතහැර දමන්නට ඇති බව සැක පල කරන බව නාවික හමුදා කියා සිටියා.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

source :- https://shorturl.at/DhLAe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here