
කහටගස්දිගිලිය, පුංචි හල්මීල්ලෑව ප්රදේශයේ ඊයේ (06) රාත්රීයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වු රන්පත්විල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්දයෙන් කහටගස්දිගිලිය පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මිය ගිය පුද්ගලයා රාත්රී කාලයේදී සිය නිවසේ සිට පැල් රැකීම සඳහා කුඹුරට යමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමට ලක්ව මිය ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
source :- https://shorturl.at/NJLXb







