තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ බෝයිං ස්ටාර් ලයිනර් යානය අද (07) ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීමට නියමිතයි.

පැය හයක ගමනකින් පසු ස්ටාර්ලයිනර් පෘථිවි වායුගෝලයට නැවත ඇතුලුවන අතර, නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීම පැරෂුට් මගින් සිදු කෙරෙනු ඇති.

බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් සමගින් දින අටක අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙම යානය පිටත්ව ගියේ ජුනි 06 වැනිදායි.

කෙසේ වෙතත් මාස තුනකට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවූ මොවුන්ට නැවත පෘථිවියට පැමිණීමට හැකිවන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීයි.

source :- https://shorturl.at/bUVqa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here