
වසරේ ප්රබලතම කුණාටුවක් වන, යාගි සුළි කුණාටුව චීනයේ හයිනාන් වෙත කඩාවැදීමට නියමිතව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් ජනප්‍රිය සංචාරක දූපතක් වන හයිනාන් හි පුද්ගලයන් ලක්ෂ 4ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි.
පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇති පැයට කිලෝමීටර 240ක වේගයෙන් හමා යන යාගි කුණාටුව හේතුවෙන් දැඩි ව්‍යසනයක් විය හැකි අතර, වර්ෂාපතනය මිලිමීටර් 500 දක්වා ඉහළ යනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

මේ හේතුවෙන් ලොව දිගම මුහුදු හරස් මාර්ගය වන හොංකොං සහ මැකාවු සහ ගුවැන්ඩොං හි ෂුහායි සම්බන්ධ කරන කිලෝමීටර 55 ක දිගින් යුත් ප්‍රධාන පාලම ද වසා දමා ඇති බව සඳහන්.
source :- https://shorturl.at/deMkJ








