
මැල්සිරිපුර නිවසකට හොර රහසේ ඇතුළු වී සිටියදී නිවෙස් හිමියා විසින් අල්ලා ගස් බැඳ පොලිසියට භාරදුන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ (05) පියවර ගෙන තිබෙනවා.
රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා මිතුරෙකු සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මැල්සිරිපුර කූරටිය ප්‍රදේශයේ නිවසකට රිංගා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
පොලිස් නිලධාරියා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති අතර ඔහුව ගස් බැඳ භාරදී ඇත්තේද මදුරාගොඩ පොලිස් ස්ථානයටමයි.

නිවෙස් හිමියා මෙම පොලිස් නිලධාරියා සොරකු යැයි සිතා ඔහුව ගස් බැඳ සොරොකු අල්ලාගත්තේ යැයි පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඒ අනුව මදුරාගොඩ පොලීසියේ නිලධාරීන් එහි පැමිණ තිබෙනවා.
ගස් බැඳ සිටින්නේ එදින රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියකු බව අනාවරණය වී ඇත්තේ එහිදී.
රාජකාරියේ යොදවා සිටියදී රාජකාරි ඉටුනොකර බීමතින් නිවසකට හොර රහසේ ඇතුළුවීම සම්බන්ධයෙන් මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේ.
source :- https://shorturl.at/oiWt4







