දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙසයි.

පූජ්‍ය, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරු තුන්දෙනෙකු විසින් එම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

source :- https://shorturl.at/ikeP6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here