විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 550ක්, සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වනාතේ දිනුකගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු වන්නේ ඔහු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

source :- https://shorturl.at/sKZZv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here